ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳව තීරණය කිරීම සඳහා අමෙරිකාව සහ ඉරානය ලබන සතියේ සාකච්ඡා අරඹන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
සාකච්ඡා සඳහා දෙපාර්ශවය හමු වීමෙන් පසු ටෙහෙරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹිය හැකි බවයි අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.
නේටෝ සංවිධානයේ රැස්වීමකට සහභාගි වීම සඳහා නෙදර්ලන්තයේ හේග් නුවරට පැමිණ සිටින අමෙරිකානු ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ ඉරානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයක් ප්‍රකාශ කර දින දෙකක් ගතවීමට ආසන්නව තිබියදීයි.
කෙසේවෙතත් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල්කමේනි පවසා තිබුණේ ඉරානයට එරෙහි ඊශ්‍රායලයේ මිලිටරි ප්‍රහාරයට එක්වීමෙන් එක්සත් ජනපදය රාජ්‍යතාන්ත්‍රිකභාවය පාවා දී ඇති බවයි.
වොෂිංටනය සමග තවදුරටත් සංවාදයක් කළ නොහැකි බව ඉරාන නායකයා ඉන් හඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා ඉන් පෙන්වා දෙන්නේ.
මේ අතර අමෙරිකාව එල්ල කල ප්‍රහාරවලින් ඉරානයේ න්‍යෂ්ඨික මධයස්ථානවලට දැඩි ලෙස හානි සිදුව ඇති බවට සාක්‍ෂි පවතින බව අමෙරිකානු බුද්ධි අංශ ප්‍රධානී ජෝන් රැට්ක්ලිෆ් පවසනවා.
ඉරානයේ න්‍යෂ්ඨික වැඩසටහන්වලට දැඩි ලෙස හානි සිදුව ඇති බවට විශ්වාසදායක සාක්‍ෂි සමූහයක් සිය ආයතනයට ලැබී ඇති බවයි සී අයි ඒ ප්‍රධානියා ප්‍රකාශ කර ඇත්තේ.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මක තොරතුරු ඔහු ඉදිරිපත් කර නැහැ.
පසුගිය සෙනසුරාදා අමෙරිකානු ආරක්‍ෂක අංශ විසින් ඉරානයේ න්‍යෂ්ඨික මධ්‍යස්ථාන 3කට එල්ල කළ ප්‍රහාරවලින් එම මධ්‍යස්ථාන සම්පූර්ණයෙන්ම විනාශ වී නොමැති බවට අමෙරිකානු බුද්ධි වාර්තාවක් සිදු කළ අනාවරණයකට ප්‍රතිචාර දක්වමින් සී අයි ඒ ප්‍රධානියා මේ බව පවසා තිබෙනවා.
අමෙරිකානු ආරක්‍ෂක අංශ එල්ල කළ ප්‍රහාර මගින් ඉරානයේ න්‍යෂ්ඨික මධ්‍යස්ථාන මකා දැමූ බව ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කළා.
එහෙත් බුද්ධි වාර්තාවක් මගින් එම ප්‍රහාරවලින් සිදුවූ හානිය අවම යැයි ප්‍රකාශ කිරීම සිය ගුවන් නියමුවන්ගේ හැකියාවන් අවතක්සේරු කිරීමක් ලෙසයි අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ.
ඒ සම්බන්ධයෙන් වාර්තාවක් පළ කර තිබූ සී එන් එන් මාධ්‍යවේදිනියක් රැකියාවෙන් නෙරපා හැරිය යුතු බවද කොපයට පත්වූ අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබුණා.
ඉරානයට කිසිදා න්‍යෂ්ඨික අවියක් ලබා ගැනීමට නොහැකි වන පරිදි නිර්මාණය කරන ලද අවස්ථාවක් ලෙසයි අමෙරිකානු ප්‍රහාරය ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශ කර තිබුණේ.
එහෙත් විශේෂඥයින් පවසා ඇත්තේ එම ඉලක්කය සපුරා ගැනීමට තනි මෙහෙයුමක් ප්‍රමාණවත් නොවන බවයි. එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්‍ෂණ ප්‍රධානී රෆායෙල් ග්‍රෝසි ප්‍රකාශ කර ඇත්තේ ටෙහෙරානය ප්‍රහාර හමුවේ අධික ලෙස පොහොසත් යුරේනියම් බොහොමයක් වෙනත් තැනකට ගෙන යාමට අවස්ථාවක් ඇති බවයි.