Published
නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්යක්ෂ ජනරාල් සහ හිටපු අධ්යක්ෂ ඉඩම් හා අභ්‍යන්තර තක්සේරු කමිටුවේ සභාපති දූෂණ චෝදනා මත අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්යක්ෂ ජනරාල් සහ හිටපු අධ්යක්ෂ ඉඩම් හා අභ්‍යන්තර තක්සේරු කමිටුවේ සභාපති විසින් නාගරික සංවර්ධන අධිකාරිය සතු කොළඹ 05, මයුර පෙදෙසේ පිහිටි පර්චස් 55.5 ක ඉඩම් කොටසක් තාවකාලික බදු පදනම මත ලබා දීමේ දී නාගරික සංවර්ධන අධිකාරියට රු. 29,519,666.16 ක මුදලක් පාඩු කිරීම හේතුවෙන්
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කර සිටියේ



