නාත්තන්ඩිය, පිලාකටුමුල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක ගොඩනැගිල්ලක් තුළ තිබී ගෙළ වැළලාගෙන මියගිය යුද හමුදා සෙබලෙකුගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

මාරවිල පොලීසිය පැවසුවේ අද දහවල් කාලයේ එම මළසිරුර සොයාගෙන ඇති බවයි.

එලෙස මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ, කොබෙයිතුඩුව ප්‍රදේශයේ පදිංචි, යුද හමුදාවේ නාරාහේන්පිට කඳවුරේ ඉංජිනේරු සේවා බලකායට අනියුක්තව සේවය කරන ලද 37 හැවිරිදි ලාන්ස් කෝප්‍රල්වරයෙක්.

අදාළ විහාරස්ථානයේ ධර්ම ශාලාව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යුද හමුදාවේ කණ්ඩායමක් යොදවා සිට ඇති අතර සියදිවි හානිකරගෙන ඇති යුද හමුදා සෙබලා ද එම කණ්ඩාමේ සාමාජිකයෙකු වූ බවයි පොලීසිය පැවසුවේ.

එම යුද හමුදා සෙබලා සිය දිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත බව නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.