හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය බංගලා හත ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. කොළඹ සිට නුවරඑළිය දක්වා ධාවනය වූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී දුරකථන රැහැන් සහිත කණුවක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. එම අනතුරෙන් තුවාල ලබා ඇත්තේ කැබ් රථයේ ගමන් ගත් රියදුරා සහ පසුපස ගමන් ගත් අයෙකු වන අතර ඔවුන් ප්‍රතිකාර සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. නානුඔය ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය සහ දැඩි මීදුම් තත්ත්වය හේතුවෙන් මේ දිනවල එම ප්‍රදේශවල රථ වාහන ධාවනයේදී වඩාත් අවධානයෙන් කටයුතු කරන ලෙසයි නානුඔය පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.