රජයේ කාර්යයන් ඩිජිටල්කරණයට ලක් කරන බවට ආණ්ඩුව පැවසුවද සිය කාර්යයන් ඉටු කර ගැනීමේදී ග්‍රාමීය ජනතාව ගැටලු රැසකට මුහුණ දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ජනතාවට අදාළ පහසුකම් ලබා දීමට රජය කටයුතු කළ යුතු බවද මන්ත්‍රීවරයා කියා සිටියා.