Published
විෂ මත්ද්‍රව්‍ය මර්දනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළේදී නීතියේ රැහැනට හසුවන පුද්ගලයින් කවුරුන්ද යන්න අදාළ නොවන බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසනවා.
ජාතික ජන බලවේගයේ දෙහිවල සංවිධායක ටෝනි මොහොමඩ් මත්ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විපක්ෂය එල්ල කරන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.
මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා.




