පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තුවක් ඉදිරිපත් කළා.

ඒ, එම අධිකරණය හමුවේ විභාග වන නඩුවක් සඳහා මන්ත්‍රීවරයා අද දිනයේ පෙනී නොසිටීම හේතුවෙන්.

2017 වසරේදී හම්බන්තොට වරාය විදේශීය රටකට පැවරීමට එරෙහිව පැවති විරෝධතාවකදී අධිකරණ නියෝග නොතකමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසකට එරෙහිව අදාල නඩුව ගොනුකර තිබෙනවා.

මේ අතර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අද උදෑසන මාලදිවයින බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණ කළා.

ඔහු අද දින උදෑසන 07.30ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල් – 101 දරන ගුවන් යානයෙන් මාලදිවයිනේ මාලේ නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබෙනවා. තුන් දින නිල සංචාරයක් සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ශ්‍රී ලාංකික දූත පිරිස ද මාලදිවයින බලා ගොස් ඇත්තේ එම ගුවන් යානයෙන් බවයි වැඩිදුරටත් අනාවරණ වුණේ.