රාජ්‍ය යාන්ත්‍රණය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව අසමත් වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

රට තුළ ඇතිවූ ආපදා තත්ත්වයෙන් පසු ආණ්ඩුව ක්‍රියාත්මක වූ ආකාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

පීඩාවට පත්ව සිටින ජනතාවට පොරොන්දු වූ පරිදි සහන ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.