වත්මන් ආණ්ඩුව රණවිරු දඩයම අරඹා ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ, මහනාහිමිවරුන් දැනුවත් කිරීම සඳහා පැමිණි අවස්ථාවේදීයි.

නීතිය ක්‍රියාත්මක කරන මුවාවෙන් දේශපාලන අවශ්‍යතා ඉටුකර ගැනීමට ඉඩ නොදිය යුතු බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ. මේ අතර “රණවිරුවන් පීඩාවට පත්කිරීම පිළිබඳව වන සැලකර සිටීමයි” යන මැයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අස්ගිරි පාර්ශවයේ මහා නායක පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් වෙත ලිපියක් යොමුකර තිබෙනවා. එමගින් දක්වා ඇත්තේ මෘතෘභූමියේ නිදහස වෙනුවෙන් දිවි හිමියෙන් කැපවුණු රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටීමේ වගකීම ඉතිහාසය විසින් තම පක්ෂය වෙත පවරා ඇති බවයි. එය අත්හළ නොහැකි වගකීමක් බවද අදාළ ලිපියේ සඳහන්.