‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් සහන සලසන “දිරිය නෙත්” සමාජ සත්කාරක වැඩසටහනේ තවත් අදියරක් අද ක්‍රියාත්මක වුණා.

ඒ, නායයෑමට ලක්වූ මාවතුර, ඉහළගම ප්‍රදේශය කේන්‍ද්‍ර කර ගනිමින්.

මේ, ඒ පිළිබද වාර්තාවක් ගෙන නෙත් විශේෂ නියෝජිත දර්ශන බණ්ඩාර.

මේ අතර ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු යළි නඟා සිටුවීමේ අරමුණින් නෙත් එෆ් එම් රේඩියෝව ආරම්භ කළ “දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපනික වැඩසටහනට ඔබ ලබාදුන් පරිත්‍යාග ඉදිරි දින කිහිපයේදී දරුවන් වෙත ලබාදීමට මේ වනවිටත් සියළු කටයුතු සූදානම් කර අවසන්.