නාවලපිටිය නගර සභාවේ මංගල සැසිවාරය අභිනවයෙන් ආරම්භ කර තිබුනා.
ඒ ස්වාධීන කණ්ඩායමකින් තරග කර නගරාධිපතිධුරයට පත් වූ අමල් ප්‍රියංකර මහතා හා උප නගරාධිපති කේ.සුරේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන්.
ර්ව ආගමික ආශිර්වාද මැද අමල් ප්‍රියංකර මහතා හා උප නගරාධිපති කේ.සුරේෂ්වරන් මහතා නිල වශයෙන් වැඩ භාර ගැනීමද අද උදෑසන සිදුවිය.
වැඩ භාර ගැනීමේ අනතුරුව මංගල සැසිවාරය ආරම්භයට ප්‍රථම ජාතික ජන බලවේගයේ කණ්ඩායමට සුභ පැතීම සඳහා පා.ම. තුෂාරි ජයසිංහ මහත්මිය පැමිණ සිටි අතර අභිනව සභාපතිතුමා සමග සුහද පිළිසදරක් ද ඇති වූවා .
ආණ්ඩු බලය තම පක්‍ෂය සතු වුවත් හොඳ වැඩ කිරීමේදී තමන් සහය දක්වන බවත්, තම ආණ්ඩුවට අවශ්‍ය වන්නේ හොඳ වැඩ බවත්, එකතු වී ඒ සඳහා වැඩ කරන ලෙසත්, නව සභාපතිවරයාට සුභපැතුම් එක් කරමින් එතුමිය ප්‍රකාශ කළ සිටියාය .
මංගල සැසිවාරයේදීම පසුගිය වසර දෙකහමාරක් තුළ නාවලපිටිය නගර සභාවේ නිලධාරින්ගේ ක්‍රියා කලාපය පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දැඩි අප්‍රසාදයට ලක් කෙරුනා.
නාවලපිටිය නගර සභාවේ ලේකම් එම්.ජයසුන්දර මහත්මිය ඇතුළු නිලධාරින් පිරිසක්ද මේ සඳහා සහභාගී වී තිබුනා.