නාවලපිටිය හරංගල හරහා කොත්මලේ ජලාශ වේල්ල මතින් ගම්පොළ මහනුවර දක්වා පසුගිය දින කිහිපය තුල වාහන ධාවනයට ලබා දුන් අවසරය අද(15) සිට සීමාවන්ට යටත්ව වාහන ධාවනයට අවසර ලබා දෙන බව එම ජලාශයේ කාර්යභාර ඉංජිනේරු අනුර සෙනෙවිරත්ණ මහතා පවසනවා.
නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගයෙ උලපනේ ගඩොල්බෝක්කුව ප්‍රදේශයේ නායයෑම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබු නිසා එම මාර්ගයේ ගමන් ගත් සැහැල්ලු වාහන වලට ජලාශ වේල්ල මතින් වාහන ධාවනයට අවසර ලබා දුන් බවත්, නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගය අද(15) සිට යලිත් රථවාහන ධාවනයට මාර්ගය විවෘත කිරිමත් සමග මෙම තිරණය ගත් බවයි ජලාශයේ කාර්යභාර ඉංජිනේරු අනුර සෙනෙවිරත්ණ මහතා කියා පැවසුවේ.
දැනට ජලාශවේල්ල මතින් වාහන ධාවනයට අවසර ලබා දී ඇති අයට පමණක් වාහන ධාවනය කල හැකි බවත්, වෙනත් වාහනයක් වේල්ල මතින් ධාවනය කරන්නේ නම් ඒ සදහා අවසර ලබා ගත යුතු බවයි ජලාශයේ කාර්යභාර ඉංජිනේරුවරයා වැඩි දුරටත් කියා පැවසුවේ.
මේ අතර කොත්මලේ ජලාශයේ වේල්ලේ ජල ධාරිතාව අඩු කර ඇති අයුරු ඊයේ(14) පහතින් දැක්වෙන ඡායාරූප මගින් දැක්වේ.





