Published
මැල්සිරිපුර, පන්සියගම, නා උයන ආරණ්‍ය සේනාසනයේ ඊයේ රාත්‍රියේ සිදු වූ අනතුර රටම කම්පාවට පත් කළ පුවතක්.
එම අනතුරින් භික්ෂූන් වහන්සේ හත් නමක් අපවත් වූ අතර තවත් භික්ෂූන් වහන්සේ හය නමක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
එම අනතුර සිදුව ඇත්තේ කේබල් මතින් ගමන් ගන්නා ඩක්කුවක් කඩා වැටීමෙන්.
මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ද ශෝකය පළ කෙරුණා.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා සිදුව ඇති අනතුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කළේ මෙලෙසයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එම ඛේදවාචකය සම්බන්ධයෙන් අදහස් දැක්වූවා.



