Published
AI මේ වන විට ලොවම කතාවන තාක්ෂණික මාතෘකාවක්. AI හරහා දැන් විවිධ ක්ෂේත්‍රවල රාජකාරි පහසුකර ගැනීමට ලැබී ඇත්තේ ඉහළ දායකත්වයක්. AI වලින් වැඩ ගන්න දැන් ලංකාවත් සූදානම් වනවා. ඒ අනුව ලංගම සහ පෞද්ගලික බස් රථවලට AI තාර්ෂණය හඳුන්වා දී අනතුරු අවම කර ගැනීමට අපේක්ෂිතයි. මේ සම්බන්ධයෙන් ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා අදහස් පළ කළා.
ප්‍රධාන සමාගම් දැනටමත් භාවිත කරන මෙම ක්‍රමවේද කඩිනමින් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. රියදුරන් සිදු කරන වැරදි අවම කිරීම සඳහා වන බස් රථයේ තත්ත්වය සම්බන්ධයෙන් ද මෙහිදී අධ්‍යයනය කළ හැකි බවයි අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙහිදී කියා සිටියේ.