හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ තලාහේන, මුත්තෙට්ටුගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසට අධිකරණ නිලධාරීන් ගොස් තිබෙනවා. ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස ලබාදුන් අධිකරණ නියෝගය ඔහුට ලබාදීම සඳහායි. එහෙත් ඔහු නිවසේ නොසිටි බැවින් අදාල අධිකරණ නියෝගය නිවසේ අලවා ගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. අධිකරණ නියෝගය පිළිබඳ ඒ අවස්ථාවේ නිවසේ රැඳී සිටි මෙහෙකරුට අධිකරණ නිලධාරීන් දන්වා ඇති බවද සඳහන්. අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අගෝස්තු මස 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත් බදාදා නොතිසි නිකුත් කළා.