නිධන් හාරමින් සිටියදී අත්අඩංගුවට ගත් කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිඳ ඇතුළු සැකකරුවන් 08 දෙනා මුදා හරින ලෙසට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස පැවසූ පුද්ගලයා හඳුනා ගෙන ඒ සම්බන්ධයෙන් වාර්තාවක් නොපමාව ලබා දෙන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට නියෝග කර තිබෙනවා. ඒ අනුව අදාළ පුද්ගලයා ඇමතුම ලබා දුන් දුරකතන අංක පිළිබඳව සහ එහි සැකකරුවන්ගේ දුරකතන පිළිබඳව විශ්ලේෂණ වාර්තාව ඉදිරිපත් කරන ලෙසටයි අධිකරණය නියෝග කළේ. අනුරාධපුර ශ්‍රාවස්ති පුර තිඹිරිගස්කඩවල දේවාලයක නිධන් හාරමින් සිටියදී එම පිරිස පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් මුදා හරින ලෙසට තමන් නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පැවසු එම පුද්ගලයා අනුරාධපුර පොලිස් ස්ථානයට දුරකථන ඇමතුමක් ලබා දී බලපෑම් කර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් නිධන් හැරූ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 26 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.