තමා විසින්ම නිර්මාණය කළ හෙලිකොප්ටරයකින් ගුවන් ගත වීමට උත්සාහ කළ රුසියාවේ කිරොව් කලාපයේ ඔමුට්නින්ස්කි දිස්ත්‍රික්කයේ 88 හැවිරිදි පුද්ගලයෙක් එම යානයත් සමඟ කඩා වැටීම හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ ව්ලැඩිමීර් ට්‍රැපෙස්නිකොව් නම් පුද්ගලයෙක් වන අතර ඔහු ළමා වියේදී ගුවන් නියමුවෙකු වීමට සිහින මැවූ නව නිපැයුම්කරුවෙකි. අදාළ පුද්ගලයා තමා විසින් සකසන ලද මෙම හෙලිකොප්ටර් යන්ත්‍රයක් පරීක්ෂා කිරීම සඳහා ගුවන්ගත වීමට උත්සහා කිරීමේ දී එය කඩා වැටී තිබේ. එහිදී ඔහු බරපතල තුවාල ලබා ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කෙසේ වෙතත් මෙම ගුවන් යානය ලියාපදිංචි කර නොමැති අතර සිද්ධිය පිළිබඳව පරීක්ෂණ සිදුවෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 1985දී ඔහුට, ඔහු විසින්ම සෑදූ ගුවන් යානයකින් සාර්ථක ගුවන් ගමනක් සිදු කිරීමට හැකියාව ලැබී ඇති අතර ඒ පිළිබඳව කෙටි චිත්‍රපටයක් ද නිර්මාණය වී ඇත. ඔහු පියාසර යන්ත්‍ර පහක් නිර්මාණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ