රාජ්‍ය බුද්ධි සේවයෙන් හිටපු අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ප්‍රකාරව නඩු පැවරිය යුතු බව ශ්‍රී ලංකා කතෝලික සභාව පවසනවා.
ඔහු වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් නෙරපීමට ජාතික පොලිස් කොමිෂන් සභාව පසුගියදා තීරණය කළා.
ඒ සම්බන්ධයෙන් කතෝලික සභාවේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා අද දිනයේ ද පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් මෙම අදහස් පළ කළා.
2019 අප්‍රේල් 21 වනදා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ රාජ්‍ය බුද්ධි සේවයෙන් හිටපු අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සේවයෙන් නෙරපීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කළේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ප්‍රකාරව ඔහුට එරෙහිව සිදු කරනු ලැබූ විනය පරීක්ෂණයේදී චෝදනා පත්‍රයේ තිබූ සියලු චෝදනාවලට ඔහු වරදකරු වී තිබීම හේතුවෙන්.