Published
නිවසක් බිද දේපළ සොරකම් කළ සැකකරුවන් තිදෙනෙකු තඹුත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පසුගිය 13 වන දින තඹුත්තේගම පොලිස් වසමේ නිවසක් බිද එහි තිබූ රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා මුදල් හා රන් භාණ්ඩ සොරකම් කර ඇති බවට පොලීසියට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකදියි.
ඒ අනුව අදාළ සැකකරුවන් තිදෙනා රාජාංගනය, යාය 01 ප්රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් විසින් සොරාගත් රන් භාණ්ඩ උකස් කර ලබාගත් රිසිට් පත් 2ක්, සොරාගන්නා ලද මුදලින් මිලදි ගත් රූපවාහිනී යන්ත්රයක් සහ ජංගම දුරකතනයක්ද සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා රාජාංගනය ප්රදේශයේ පදිංචිකරුවන් වනවා.


