බගවන්තලාව ප්‍රදේශයට ඊයේ දින ඇදහැලුණු අධික වර්ෂෘවත් සමග බගවන්තලාව ආරියපුර ජනපදයේ නිවසක් මතට විශාල ආරක්ෂිත පැති බැම්මක් කඩි වැටී තිබෙනවා
එම නිවසට දැඩි අලාභහානි සිදු වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.
දීපාවලී උත්සවය නිමිත්තෙන් එම නිවසේ පදිංචිකරුවන් කොළඹ ප්‍රදේශයේ ඥාති නිවසකට ඊයේ දින පිටත්ව ගිය බවත් එදින රාත්‍රී 8:00ට පමණ පැවති වර්ෂාවත් සමග නිවස පිටුපස ඉදි කර තිබූ ආරක්ෂිත පැති බැම්ම කඩා වැටී ඇති බව එම ජනපදයේ පදිංචිකරුවන් පවසන්නේ.
ආරක්ෂිත පැති බැම්ම කඩා වැටීමෙන් නිවසේ නිදන කාමර දෙකකට සහ මුළුතැන්ගෙට දැඩි අලාභ හානි සිදු වී තිබෙනවා.
පැති බැම්ම කඩා වැටීමෙන් එම නිවසේ පදිංචිකරුවන්ගෙ පෞද්ගලික බඩු බාහිර ආදියට විශෘල වශයෙන් හානි වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.
මේ අතර, නොර්වුඩ් ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග වැසි ජලය ගලා බසිනා කාණු පද්ධති අවහිර වීමෙන් නොර්වුඩ් නගරයට වැසි ජලය ගලා ඒ රථවාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබෙනවා.




