අමෙරිකාවේ නිව්යෝක් නුවර මෑන්හැටන්හි ගොඩනැගිල්ලක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය පිරිස අතර නිව්යෝක්හි පොලිස් නිලධාරියෙකු ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වෙඩි තැබීම සිදුකර ඇත්තේ 27 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු ලාස්වේගාස්හි සිට පැමිණ වෙඩි තැබීම සිදුකර ඇති බවද අනාවරණ වී තිබෙනවා.

වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා ද සිය ගිනි අවියෙන්ම වෙඩි තබාගනිමින් සියදිවි හානිකරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

මෙම සිද්ධියෙන් තවත් අයෙකු තුවාල ලබා ඇති බවද එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනවා.