Published
ඇමෙරිකාවේ නිව්යෝර්ක් හා නිව් ජර්ස් නගරවලට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබෙනවා.
නිව්යෝර්ක් හා නිව්ජර්සි නගරවල මහා මාර්ග හා උමං මාර්ග ජලයෙන් යටවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
ඇමෙරිකාවේ නැගෙනෙහිර වෙරළ තීරයට අධික වර්ෂාපතනයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා
අධික වැසි තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් ප්‍රමාද කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.
අයහපත් කාලගුණය හේතුවෙන් නිව්යෝර්ක් සිට වොෂින්ටන් දක්වා ප්‍රධාන නගරයන්හි සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.
පිලඩෙල්ෆියා සිට නිව්යෝර්ක් දක්වා මහා මාර්ග ජලයෙන් යටවී ඇති අතර මෑන්හැට්න් හා ලෝන්ග් අයිලන්ඩ් යන නගරයන්ට ද වර්ෂාවෙන් බලපෑම් එල්ල වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරාන්නේ