Published
තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද බීඩි කොළ, වියළි කහ සහ වියළි ඉඟුරු සමග සැකකරුවෙකු නොරොච්චෝලය, කරඹ මාර්ග බාධකය අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ලද තොරතුරක් මත නොරොච්චෝලය පොලීසියේ නිලධාරීන් පිරිසක් එම මාර්ග බාධකය අසලදී ලොරි රථයක් නවතා සිදු කළ වැටලීමකදීයි. එහිදී බීඩි කොළ කිලෝ 309යි ග්‍රෑම්100ක්, වියළි කහ කිලෝ 65ක්, වියළි ඉඟුරු කිලෝ 537යි ග්‍රෑම් 400ක් සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් නොරොච්චෝලය පොලීසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.