Published
බලපත්‍ර නොමැතිව තේක්ක දැව කඳන් කපා ප්‍රවාහනය කිරීමට සූදානම් කරමින් සිටි සැකකරුවෙකු පදියතලාව, කොලමන්තලාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකායේ මහඔය කඳවුරේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදීයි.
එම වැටලීමේදී තේක්ක දැව කඳන් 136ක් සොයා ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරු 42 හැවිරිදි පදියතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු මහඔය අඩවි වන කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.