රුපියල් තිස් එක් ලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවක් ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැකිරාව , ඉපලෝගම ප්‍රදේශයේ පදිංචි , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගෘහ සේවයේ නිරත වී සිටි 40 හැවිරිදි කාන්තාවකි
ඇය අද දින සාජා නුවර සිට , ගල්ෆ් ගුවන් සේවයේ ජී.9.-502 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඇය විසින් රැගෙන ආ ගමන් මලු තුළ විදේශීය නිෂ්පාදිත ” ප්ලැටිනම්” වර්ගයේ දුම්වැටි 21,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 105 ක් සගවා ගෙන තිබියදී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මේ වනවිට මෙම කාන්තාව පොලිස් ඇප මත මුදා හැර ඇති අතර , ඇය එළඹෙන 06/25 දින නීතිවිරෝධී ලෙස මෙම දුම්වැටි තොගය මෙරටට ආනයනය කිරීම , ජාවාරම් කිරීම සහ සන්තකයෙහි තබා ගැනීම යන චෝදනා යටතේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .