රුපියල් පනස් එක් ලක්ෂ තිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන පැමිණි ගුවන් මගීන් දෙදෙනෙකු අද අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අඩංගුවට ගෙන තිබෙනවා.
මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ සියලුම පරීක්ෂණ නිමා කර , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටියදි අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මොවුන් දෙදෙනා අතරින් එක් අයෙකු පොළොන්නරුව , අත්තනකඩවල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි වියේ පසුවන්නෙකු වන අතර ඔහු ඩුබායි හි ආරක්ෂක නිලධාරීවරයෙකු ලෙස සේවය කළ අයෙකි .
අනෙක් ගුවන් මගියා කොළඹ - 15 ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි , ඩුබායි හි රියැදුරුවරයෙකු ලෙස සේවය කළ අයෙකි.
මොවුන් දෙදෙනා අද අලුයම 01.30 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 232 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ " මැන්චෙස්ටර් '' වර්ගයේ සහ '' ''ප්ලැටිනම්'' වර්ගයේ දුම්වැටි 34,200 ක් අඩංගු දුම්වැටි කාටූන් 171 ක් සගවා ගෙන සිටියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.
මොවුන් දෙදෙනා සහ ඔවුන් නීතිවිරෝධී ලෙස රැගෙන ආ දුම්වැටි තොගය , මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මේ මස 26 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.




