නීති විරෝධී ලෙස තීරුබදු රහිතව මෙරටට රැගෙන එන ලද අධි එන්ජින් ධාරිතාවෙන් යුත් එකලස් කරන ලද යතුරුපැදි 04ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වාරියපොල, හම්මාලිය ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදීයි.

එහිදී තීරුබදු රහිතව මෙරටට රැගෙන එන ලද අධි එන්ජින් ධාරිතාවෙන් යුත් එකලස් කරන ලද යතුරුපැදි 03ක් හා ව්‍යාජ අංක තහඩු සවිකර තිබූ ලියාපදිංචි නොකළ යතුරුපැදියක් සොයාගෙන තිබෙනවා.

සැකකරු 24 හැවිරිදි බණ්ඩාර කොස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අත්අඩංගුවට ගත් සැකකරු වාරියපොල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ