Published
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එමින් තිබූ බීඩි කොළ, එනසාල් සහ රසායනික ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.
ඒ, කල්පිටිය, ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශය, සිලාවතුර, සාවාරිපුරම් අරිප්පු, බටහිර වෙරළ ප්‍රදේශය සහ උච්චමුනේ වෙල්ල දූපත ආශ්‍රිතව සිදු කළ සෝදිසි මෙහෙයුම් කිහිපයකදීයි.
ඒ අනුව ඩිංගි බෝට්ටු හතරක තිබී බීඩි කොළ කිලෝ ග්‍රෑම් 2,399ක්, එනසාල් කිලෝ ග්‍රෑම් 35ක් සහ කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.
එහිදී සැකකරුවන් 08 දෙනෙකු ද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව පැවසුවේ.