Published
නීති විරෝධී ධීවර පන්නක්‍රම මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් සැකකරුවන් 78 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ත්‍රිකුණාමලය කල්ලරාව, වලෙයිතෝට්ටම්, කොකනට් පොයින්ට්, නොර්වේ අයිලන්ඩ්, බොල්ඩර් පොයින්ට් ඇතුළු වෙරළ හා මුහුදු ප්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි නාවික හමුදාව විසින් සිදු කළ මෙහෙයුම්වලදීයි.
මෙම මෙහෙයුම්වලදී ඩිංගි යාත්‍රා 35ක් සහ බහුදින ධීවර යාත්‍රාවක් සිය භාරයට ගත් බවයි නාවික හමුදාව පැවසුවේ.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන්, ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය, සාම්පූර්, වෙරුගල්, කොඩ්බේ, කුච්චවේලි, කින්නියා, මුලතිව්, මඩකලපුව, කල්මුනේ සහ යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත භාරදීමට කටයුතු කළ බවයි නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවේ.




