බඩඉරිඟු මෙටි්‍රක් ටොන් 25,000ක් ආනයනය කර රජයට රුපියල් කෝටි 12කට අධික පාඩුවක් සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කර තිබෙනවා. ඒ, කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් අබ්දුල් කාදර් මොහොමඩ් හස්නා නමැති සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. 2023 වසරේ ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය විසින් නිකුත් කරනු ලබන බලපත්‍රයක් අයුතු ලෙස උපයෝගී කරගනිමින් සැකකරු මෙලෙස බඩඉරිඟු ආනයනය කර ඇති බවයි පැවසෙන්නේ. මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කර ඇත්තේ ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ යම් නිලධාරියකු එම නීති විරෝධී ක්‍රියාවට සම්බන්ධ බවට කරුණු ඉදිරිපත් වන්නේ නම්, ඔවුන්ද අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි. ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩල නිලධාරීන්ගෙන් සටහන් කරගත් සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් පොලිසියට නියෝග කර තිබෙනවා.