ශ්‍රී ලංකා නාවික හමුදාව රාත්‍රී කාලයේ කල්පිටිය සේරක්කුලිය කලපුව ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් එක්සිය අසුවක පමණ තොගයක් සහ විදේශීය දුම්වැටි විසි දහසක් රැගත් ඩිංගි යාත්‍රා දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.
මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබනවා.
ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් කල්පිටිය සේරක්කුලිය කලපුව ප්‍රදේශයේ රාත්‍රී කාලයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් පරීක්‍ෂාවට ලක් කෙරුණා.
එහිදි එම ඩිංගි යාත්‍රාතුල තිබී නීතී විරෝධී ලෙස රට තුළට රැගෙන ඒමට උත්සාහ කල උර තිස් අටක අසුරන ලද බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් එක්සිය අසුවක පමණ තොගයක් සහ විදේශීය දුම්වැටි විසි දහසක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සහ එම ඩිංගි යාත්‍රා දෙක මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.
තවද මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 23ක් සහ 45ක් වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර එම සැකකරුවන් ඩිංගි යාත්‍රා බීඩි කොළ තොගය සහ විදේශීය දුම්වැටි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තු විශේෂ ඒකකය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.
Published