Published
නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ සූදු ක්‍රීඩා ජාවාරමක නිරත වූ ඉන්දීය ජාතිකයන් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කිරුලපන ප්‍රදේශයේ නිවසක සිදු කළ වැටලීමකදීයි.
අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයන් අවුරුදු 22ත් 36ත් අතර වයස්වල පසුවන්නන් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
සැකකරුවන් කඩිනමින් ඉන්දියාව වෙත පිටුවහල් කිරීම සඳහා වැලිසර පිහිටි රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා තැබීමට ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.