නීති විරෝධි ලෙස රත්‍රං තොගයක් ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඒ, කල්පිටිය කලපුවේ අරිච්චල් මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි.

එහිදී එම ඩිංගි යාත්‍රාවේ ධීවර දැලක අමුණා තිබූ සැක කටයුතු ඊයම් බරු දහතුනක් පරීක්ෂා කිරීමේදී, ඊයම් බරු ලෙස සූක්‍ෂමව සකස් කර සඟවා තිබූ රත්‍රං කිලෝ හතරයි ග්‍රෑම් හාරසිය පනස් හතරක පමණ තොගයක් සොයාගෙන තිබෙනවා.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් කල්පිටිය, වෙන්දේසිවත්ත සහ ආනවාසල යන ප්‍රදේශයන්වල පදිංචිකරුවන් බවට අනාවරණය වී ඇත්තේ.

එම සැකකරුවන්, රත්‍රං තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර ඇති බව නාවික හමුදාව පැවසුවා.