ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ආකාරයෙන් ලියාපදිංචි වූ වාහන සම්බන්ධව සිදු කෙරෙන විමර්ශනයක් යටතේ GS-9164 දරන වාහනය අනීතික ආකාරයට ලියාපදිංචි කිරීමට අදාළව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනෙකු අද කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ

01 සූරියා සිරිමාන්න ප්‍රියංගනී හිටපු සහකාර මෝටර් 00 දෙපාර්තමේන්තුව, කොමසාරිස්, ප්‍රවාහන (ර්වර්තමාන ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් – ඉඩම් අමාත්‍යංශය) වරද – අදාළ වාහනය නීත්‍යනුකූල නොවන පැවරීමක් සිදු කිරීම සඳහා අනුමැතිය ලබාදීම

02 අබේසිංහ ආරච්චිගේ සංජීව කුමාර මෝටර් සංවර්ධන සහකාර, නාරාහේන්පිට ප්‍රවාහන දෙපාර්තමේන්තුව වරද – අදාළ වාහනය සම්බන්ධයෙන් අනීතික ලෙස මුල් පැවරීම සිදු කිරීම

03 හේරත් පතිරන්නැහැලාගේ ඉන්දික ලක්ෂ්මන් හේරත් අධීක්ෂණ නිලධාරී, විමර්ශන අංශය, නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වරද – අදාළ වාහනය අනීතිකව පැවරීමක් සිදු කිරීම සඳහා නිර්දේශ ලබා දීම

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස් වරියක වන සූර්යා ප්‍රියංගනී සිරිමාන්න සහ එම දෙපාර්තමේන්තුවේ කළමනාකාර සහකාරවරු දෙදෙනකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්නු තනූජා ලක්මාලී ජයතුංග මහත්මියගේ නිල මැදිරියට ඉදිරිපත් කළා.

මෙහිදී ම සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවා දායකයින් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියා.

එහෙත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව කියා සිටියා.

කෙසේවෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්නුවරිය එක් එක් සකරු රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියම කළ අතර ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියෝග කළා.