නීතිවිරෝධී දුම්වැටි තොගයක් දිවයිනට රැගෙන ආ සැකකරුවෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන් තොටුපළ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

සැකකරු සන්තකයේ තිබී නීතිවිරෝධී දුම්වැටි 7,600ක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු ඇලබඩගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.