Published
රත්නපුර, ගොළුවාවිල පටුමඟ ප්රදේශයේ පිහිටි නීතිඥවරයෙකුගේ නිවසක තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවි කිහිපයක් සහ පතරොම් තොගයක් රත්නපුර පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා.
මෙරට නිෂ්පාදිත රිවෝල්වර අවියක්, පිස්තෝල අවියක්, පතරොම් 24ක්, හක්කපටස් 53ක්, බෝර 12 පතරොම් 383ක් හා බෝර 16 පතරොම් 57ක් එලෙස පොලිස් භාරයට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම නිවස හිමි 71 හැවිරිදි නීතිඥවරයා මීට දින කිහිපයකට පෙර මිය ගොස් ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.




