මාලිමා ආණ්ඩුවේ ක්‍රියා කලාපයට විරෝධය දැක්වීම සඳ ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජනරැලිය පවත්වන නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය යාබදව අධ්‍යාපන පොදු සහතික පත්‍ර ( උසස් පෙළ) විභාග මධ්‍යස්ථානයක් පවතින බැවින් මහජන රැළිය සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමේ දී රැළිය පවත්වන පරිශ්‍රය තුළ පමණක් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරන ලෙස පොලිසිය රැළියේ සංවිධාකයන්ව දැනුවත් කර තිබෙනවා.

අද පස්වරැ 2 ට නුගේගොඩදී පැවැත්වෙන මෙම රැලිය බලපත් කොන්දේසි අනුව කටයුතු කරන ලෙස ද පොලිසිය බලපත්‍ර ඉල්ලුම්කරුවන් වෙත දැනුම් දී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර සිටියේ.

අද උදෑසන 8.30 සිට උදෑසන 11.40 දක්වා සහ සවස 2.00 සිට 5.00 දක්වා අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමේදී

ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බාධාවකින් තොරව විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමට හා විභාග කටයුතු අවසන් වීමෙන් පසුව නැවත පිටව යාමට සහ විභාග පැවැත්වෙන අවස්ථාවේදී ඒ සඳහා කිසිදු බාධාවක් ඇති නොවන අයුරුන් කටයුතු කිරීමට වගබලා ගන්නා ලෙසට ශබ්ද විකාශනය කොන්දේසි ලබා දී ඇති මාධ්‍ය කොට්ඨාසය වැඩි දුරටත් සඳහන් කර සිටියේ.

එම නිවේදනය පහතින්