Published
අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරලුනු පුවතක් නුවරඑළිය, ලිදුල පොලිස් වසමේ මෙරායා ඌවකැලේ වත්තේ ඉහළ කොටස ප්‍රදේශයෙන් වාර්තා වනවා.
අනතුරෙන් එම ත්‍රීරෝද රථයේ ගමන් ගත් රියදුරා සහ පසුපස අසුනේ ගමන් ගත් තරුණයන් තිදෙනෙකු ඇතුලු සිව් දෙනෙක් බරපතලතුවාල ලබා නුවරඑළිය මහ රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.
එක් තුවාලකරුවෙකු රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි ලිදුල පොලීසිය පැවසුවේ.
අධික ලෙස බීමත්ව සිටි රියදුරා ඇතුලු ඔහුගේ මිතුරන් තිදෙනා එම වතුයායේ සිට ලිදුල, මෙරායා නගරය දක්වා ත්‍රිරෝද රථය අධික වේගයෙන් ධාවනය කළ අවස්ථාවේ එම අනතුර සිදුව තිබෙනවා.