2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 07 වන දිනය වන අදත් අති විශාල පිරිසක් මේ වන විටත් මේ වන විටත් පැමිණෙමින් සිටිනවා. ඒ පිළිබඳ නවතම තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ කර ගන්නවා එහි රැඳී සිටින භාෂිනී ආරියරත්න. ආයුබෝවන් භාෂිනී.

ස්තුතියි භාෂිනී. මේ අතර අවශ්‍යතා සහිත පාසල්වල දරුවන්ගේ අධ්‍යාපනයට ශක්තියක් විම සඳහා පොත් පරිත්‍යාග කිරීමට ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ජනතාවට මෙවරත් නෙත් එෆ් එම් රේඩියෝව අවස්ථාව සලසා දී තිබෙනවා. ඒ සඳහා ප්‍රදර්ශන භූමියේ පිහිටි නෙත් කුටියේ ඇති පොත් කැටයට පොත් පරිත්‍යාග කිරීමට ඊයේ දිනයේදී ද විශාල පිරිසක් එක් වුණා. මේ, එලෙස පැමිණි පිරිසක්. ප්‍රදර්ශන භූමියේ පිහිටි නෙත් කුටියේ ඇති පොත් කැටයට ඔබ පරිත්‍යාග කරන පොත් දැනටමත් පාසල් වෙත ලබා දීම ආරම්භ කර තිබෙනවා. එහි තවත් අදියරක් ක්‍රියාත්මක වුණේ දෑලතුර ද්විතීයික කනිෂ්ඨ විද්‍යාලයේදීයි. මේ, එම අවස්ථාවට එක්වූ පුල්ලුහේන ග්‍රාම නිලධාරී නිශාන්ත රුද්‍රිගු මහතා. “සතුට” කෘතිය රචනා කළ ප්‍රියනාත් ජයසූරිය මහතාගේ නවතම කෘතිය විශේෂ වට්ටමක් සහිතව මිලදී ගැනීමට ප්‍රදර්ශන භූමියේ පිහිටි නෙත් කුටිය වෙත පැමිණෙන ඔබට අවස්ථාව සලසා දී තිබෙනවා. මේ අතර, කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව ඉමාෂි පබ්ලිකේෂන්ස් ආයතනය විසින් “බ්ලූ මිස්ට්” නමින් පාරිසරික සඟරාවක් එළි දැක්වීම අද පස්වරුවේ සිදු වනවා. ඒ, පදනම් ආයතනයේදීයි. 26 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා මෙවරද නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.