Published
පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත්‍රාලෝක පොසොන් උදානයට සමගාමීව පැවැත්වෙන ‘නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය’ මේ වන විට ක්‍රියාත්මකයි.
ඒ, තිස්සමහාරාම රාජමහා විහාරස්ථානයේදීයි.
ධාතුන් වහන්සේ සියසින් දැක වන්දනා කිරීමට අදත් පෙරවරුවේ සිටම විවිධ ප්‍රදේශවල ජනතාව තිස්සමහාරාම රාජමහා විහාරයට පැමිණෙමින් සිටිනවා.
එලෙස පැමිණි සැදැහැවතුන් අතරින් කිහිපදෙනෙකු තමන්ට උදාවූ එම මහඟු අවස්ථාව පිළිබඳව නෙත් නිවුස් වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.
තිස්සමහාරාම රාජමහා විහාරස්ථානයේදී පැවැත්වෙන ‘නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය’ පිළිබඳ තවත් තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා එම රාජමහා විහාරස්ථානයේ මේ වන විට රැඳී සිටින නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්.