නේපාලයේ රජයේ සමාජ මාධ්‍ය තහනමට එරෙහි විරෝධතා හේතුවෙන් විරෝධතාකරුවන් සහ ආරක්ෂක හමුදා අතර ඇතිවූ ගැටුමෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා. ෆේස්බුක්, එක්ස් සහ යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය තහනම් කිරීමේ තීරණයට එරෙහිව කත්මණ්ඩු හි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අසල රැස්වන ලෙස Z පරම්පරාව ලෙස හඳුන්වා ගන්නා විරෝධතාකරුවන් කළ ඉල්ලීමට දහස් ගණනක් විරෝධතාකරුවන් පැමිණ තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පසුව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩාවැදීමට උත්සහ කිරීමත් සමඟ තරුණයින් විසුරුවා හැරීමට නේපාල පොලීසිය කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කිර ඇති බව විදෙස් මාධ්‍ය පවසන්නේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නේපාලයේ සන්නිවේදන අමාත්‍ය ප්‍රිතිවි සුබා පවසා ඇත්තේ පොලීසියට බලය යෙදවීමට සිදු වූ බවටය. ව්‍යාජ ප්‍රවෘත්ති, වෛරී ප්‍රකාශ සහ මාර්ගගත වංචා මැඩපැවැත්වීම සඳහා සමාජ මාධ්‍යවේදිකා නියාමනය කළයුතු බව රජය පවසා ඇත. මේ වන විට ඇඳිරි නීතිය පනවා ඇති අතර ආරක්ෂක අංශ වීදිවල යොදවා ඇති බව නේපාල හමුදා ප්‍රකාශක රාජරාම් බස්නෙට් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ නේපාලයේ සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලියාපදිංචි වීමට නියමිත කාල සීමාවට අනුකූල නොවීම හේතුවෙන් සමාජ මාධ්‍ය වේදිකා 26 ක් අවහිර කිරීමට නේපාල ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය සතියේ නියෝග කර තිබුණා. එම තහනමෙන් පසු ලියාපදිංචි වූ සමාජ මාධ්‍ය වේදිකා දෙකක් නැවත සක්‍රිය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. නේපාල රජය තර්ක කර ඇත්තේ තමන් සමාජ මාධ්‍ය තහනම් නොකරන බවත්, ඒවා නේපාල නීතියට අනුකූලව ගෙන ඒමට උත්සාහ කරන බවයි
Published