Published
නේපාලයේ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් නිරන්තරයෙන් සුපරික්ෂාවෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා එරට සිටින ශ්‍රී ලාංකිකයින් සමග නිරන්තරයෙන් සම්බන්ධ වන බවයි. ඒ අනුව නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට සිදුවිය හැකි අවදානම් තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීම සඳහා පියවර ගන්නා ලෙසටයි දැනුම් දී ඇත්තේ. එමෙන්ම ගෘහස්ථව රැඳී සිටින ලෙසට ද ඔවුන්ට උපදෙස් දුන් බවයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ මහජන රාජ්‍ය තාන්ත්‍රික අංශයේ අධ්‍යක්ෂ ජනරාල් තුෂාර රොද්‍රිගෝ මහතා පැවසුවේ.
මීට අමතරව ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් පැය 24 පුරාම සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකයක්ද හඳුන්වාදී තිබෙනවා. එම අංකය වන්නේ +977 - 98 510 48 653යි. එමෙන්ම සෑම විටම ජලය සහ වියළි ආහාර සැපයුමක් ළඟ තබා ගන්නා ලෙසටත් ඖෂධ භාවිතා කරන පුද්ගලයින් සෑම විටම ඒවා ළඟ තබා ගන්නා ලෙසටත් විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා. කෙසේවෙතත් මේ දක්වා කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුවී ඇති බවට වාර්තා වී නොමැති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ මහජන රාජ්‍ය තාන්ත්‍රික අංශයේ අධ්‍යක්ෂ ජනරාල් තුෂාර රොද්‍රිගෝ මහතා පැවසුවේ. මේ වන විට ශ්‍රී ලාංකික සිසුන් 22 දෙදෙනෙකු නේපාලයේ රැඳී සිටිනවා. කත්මණ්ඩු නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ යාවත්කාලීන කිරීම්වලට අනුව, තානාපති කාර්ය මණ්ඩලය, සිසුන් සහ අනෙකුත් ශ්‍රී ලාංකිකයන් ද ඇතුළුව නේපාලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 102ක්. කෙසේවෙතත් ශ්‍රී ලාංකිකයන් මේ දක්වා ආරක්ෂිත බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය අද අලුයම ද තහවුරු කළේ. මේ අතර නේපාලයේ හටගෙන ඇති ප්‍රචණ්ඩ විරෝධතාවල නවතම තත්ත්වය පිළිබඳ සවිස්තර වාර්තාවක් නෙත් නිවුස් විදෙස් පුවත් තුළින් බලාපොරොත්තු වන්න.