Published
නොවැම්බර් මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව, පසුගිය ඔක්තෝබර් මාසයේ පැවති මිල ගණන් යටතේ මෙම මාසයේද ලාෆ්ස් ගෑස් අලෙවි කරන බවයි එම සමාගම පැවසුවේ.
කිලෝ ග්‍රෑම් 12යි දශම 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 4,100කට, කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් 1,645කට සහ කිලෝ ග්‍රෑම් 2 ගෑස් සිලින්ඩරයක් රුපියල් 658කටද අලෙවි කරන බව ලාෆ් ගෑස් සමාගම වැඩිදුරටත් පැවසුවා.




