Published
නොසන්සුන්තාවක් පැවති බූස්ස බන්ධනාගාරයේ පාලනය යළි නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
රැඳවියන් පිරිසක් රඳවා සිටි වාට්ටු මාරු කිරීමට උත්සහ කිරීමේදී එම රැඳවියන් සහ නිලධාරීන් අතර ඊයේ පස්වරුවේ එම නොසන්සුන්තාව හටගෙන තිබුණා.
එහිදී බන්ධනාගාර අධිකාරීවරයා තුවාල ලබා රෝහල්ගත කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
මේ වන විට බන්ධනාගාරයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.




