පාකිස්තාන හමුදා කණ්ඩායමක් රැගත් රථ පෙළක් ඉලක්ක කර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ඒ, කයිබර් පක්තුන්ක්වා පළාතේ උතුරු වසිරිස්තාන ප්‍රදේශයේදීයි.
ප්‍රහාරයෙන් සොල්දාදුවන් 13 දෙනෙකු මිය ගිය අතර සිවිල් වැසියන්, පළාත් පාලන නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් ඇතුළු 29 දෙනෙකු තුවාල ලැබූ බව AFP පුවත් සේවය වාර්තා කර තිබේ.
මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් පුපුරණ ද්‍රව්‍ය පිරවූ වාහනයක් හමුදා රථ පෙළකට ගැටීමට සලස්වා ඇති බව ද වාර්තා වේ.
තලේබාන් සටන්කාමීන් විසින් ප්‍රහාරයේ වගකීම භාර ගෙන ඇතැයි ද සඳහන්.
පිපිරීම හේතුවෙන් නිවාස දෙකක වහලවල් කඩා වැටී ළමුන් හය දෙනෙකුට තුවාල සිදු වී ඇතැයි දිස්ත්‍රික්කයේ සේවයේ නියුතු පොලිස් නිලධාරියෙක් AFP වෙත පැවසීය.
තුවාල ලැබූ සෙබළුන් සිව් දෙනාගේ තත්ත්වය බරපතල බව ද වාර්තා වේ.
පකිස්තාන තලේබාන් සංවිධානයේ කන්ඩායමක් වන හෆීස් ගුල් බහදූර් සන්නද්ධ කණ්ඩායමේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරක අංශය විසින් මෙම ප්‍රහාරය සිදු කර ඇතැයි අනාවරණ වී තිබේ.