බලූච් සන්නද්ධ අරගලයට මුහුණ දීමේදී තමන්ගේම අසාර්ථකත්වය වසන් කිරීම සඳහා පකිස්ථානය සිය රටට චෝදනා කරන බව ඇෆ්ගනිස්තානය පවසයි. ඇෆ්ගනිස්තානයේ ආරක්ෂක අමාත්‍ය මුල්ලා යාකූබ් පවසන්නේ Baloch Liberation Army (BLA) සහ Tehrik-i-Taliban Pakistan (TTP) සටන්කාමීන් ඇෆ්ගන් භූමියේ සිට ක්‍රියාත්මක වන බවට පකිස්තානය සිදු කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවයි. BBC සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් යාකූබ් කියා සිටියේ පකිස්ථානයේ ආරක්ෂක ආයතන දුර්වල බවයි. ඔවුන්ගේ අඩුපාඩු පිළිගන්නවා වෙනුවට, සන්නද්ධ කණ්ඩායම්වලට රැකවරණය සපයන බවට ඇෆ්ගනිස්ථානයට චෝදනා කරන බවට ද යාකූබ් පැවසුවේය. BLA සහ TTP සන්නද්ධ කණ්ඩායම් පකිස්ථානය තුල ප්‍රහාර දියත් කිරීම සඳහා ඇෆ්ගන් භූමිය භාවිතා කරන බවට පකිස්ථානයේ පුන පුනා කරන චෝදනා වලට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසීය. එමෙන්ම ඔහු තර්ක කලේ මෙම කණ්ඩායම් දේශසීමාවෙන් ඈත ප්‍රධාන නගර ඇතුළුව පකිස්ථානය තුල ගැඹුරින් මෙහෙයුම් සිදු කරන බවයි. සටන්කාමීන් ඇෆ්ගනිස්ථානයෙන් ඇතුළු වී පකිස්ථානය තුළට කිලෝමීටර සිය ගණනක් ගමන් කරන්නේ නම්, ඔවුන් එහි නතර නොකරන්නේ ඇයි දැයි ඔහු ප්‍රශ්න කළේය.