පකිස්තානයට බලපෑ ගංවතුර තත්වයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 800 ඉක්මවා තිබේ. ඉකුත් ජුනි මාසයේ සිය පකිස්තානයට බලපා ඇති මෝසම් වැසි හේතුවෙන් මෙම ජලගැලීම් හා ආපදා තත්වය බලපා තිබේ. ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කයිබර් පක්තුන්ක්වා පළාතටයි. පකිස්තාන මාධ්‍ය වාර්තා අනුව ජලගැලිම් හා ආපදා හේතුවෙන් එම පළාතේ පමණක් පුද්ගලයින් 400 කට අධික පිරිසක් මිය ගොස් තිබේ. එමෙන්ම මාර්ග ඇතුළු යටිතක පහසුකම් ද දැඩි ලෙස හානියට පත්ව ඇත. පිරිසිදු පානීය ජලය නොමැති වීම හා ජල මූලාශ්‍ර අපිරිසිදු වීම හමුවේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව ද සඳහන්. ආපදා තත්වය හමුවේ නිවාස 7000 කට වැඩි ප්‍රමාණයක් හානියට පත්ව තිබේ මේ අතර පන්ජාබ් ප්‍රාන්ත පරිපාලනය ප්‍රධාන ගංගාවලින් ගලා එන ගංවතුර ජීවිතවලට හා දේපළවලට තර්ජනයක් වූ පසු දිස්ත්‍රික්ක කිහිපයක පාසල් වසා දමන බව නිවේදනය කර තිබේ. අධික වර්ෂාව හේතුවෙන් කලාපය පුරා ජල මට්ටම් ඉහළ යමින් පවතින බැවින් ළමුන්, ගුරුවරුන් සහ පාසල් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇත.
Published