පකිස්තානයේ ඩයමර් දිස්ත්රික්කයේ ගිල්ගිට්-බල්ටිස්තානයේ බබුසාර් ප්රදේශය වෙත ඇදහැලුනු අධික වර්ෂාවෙන් හේතුවෙන් බලපෑ ගංවතුරෙන් සංචාරකයින් සිව්දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ආපදා තත්වය හේතුවෙන් තවත් දෙදෙනෙකු තුවාල ලැබූ අතර 15 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි වාර්තා වුණේ.
දේශගුණික විපර්යාසවල විනාශකාරී බලපෑම් ගිල්ගිට්-බෝල්ටිස්තානයට දැඩි ලෙස බලපෑම් එල්ල කර ඇති අතර ඒ ඔස්සේ ඇති වූ ජල ගැලීම් කලාපය පුරා විනාශකාරී ප්රතිපල එල්ල කර තිබෙනවා.
ගිල්ගිට්-බල්ටිස්තානයේ රජයේ ප්රකාශක ෆයිසුල්ලා ෆරාක් පැවසුවේ ගංවතුරෙන් තක් ප්රදේශයේ සංචාරක වාහන අටක් ගසාගෙන ගොස් ඇති බවයි.
අවම වශයෙන් සංචාරකයින් 15 දෙනෙකු අතුරුදහන් වී ඇති බව ද ඔහු පැවසුවා.
පන්ජාබ් හිදී කාන්තාවකගේ සිරුරක් ඇතුළු මළ සිරුරු හතරක් සොයා ගෙන ඇති බව ද ඔහු තහවුරු කළා.
තුවාල ලැබූවන් සහ මියගිය පුද්ගලයින්ගේ සිරුරු ප්රාදේශීය රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.