පකිස්තානයේ සිටින ඇෆ්ගන් සරණාගත වැසියන් බලහත්කාරයෙන් පිටුවහල් කිරීම සහ ප්‍රාදේශීය පොලිස් නිලධාරීන් විසින් සිදුකරන හිරිහැර පිළිබඳ අවදානමට මුහුණ පා සිටින බව වාර්තා වේ.

එමෙන්ම එරට මාධ්‍ය වාර්තා කළේ පාකිස්තානයේ සිටින ඇෆ්ගන් සරණාගතයින්ට වීසා දීර්ඝ කිරීමේ සේවා අත්හිටුවීම සම්බන්ධයෙන් ද අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි.

එරට මාධ්‍ය වාර්තා අනුව, ලියාපදිංචි සහතික (PoR) කාඩ්පත් අවලංගු කිරීම ඇෆ්ගන් ජාතිකයින්ට නීත්‍යානුකූලව රට තුළ රැඳී සිටීම වඩ වඩාත් දුෂ්කර කර ඇත.

ඇෆ්ගන් සරණාගතයින් ඉලක්ක කර ගනිමින් සමූහ වශයෙන් පිටුවහල් කිරීමේ පකිස්ථානයේ අඛණ්ඩ ව්‍යාපාරය මධ්‍යයේ මෙම වාර්තා නිකුත් වේ.

පකිස්තානයේ මෙම ක්‍රියාමාර්ග හමුවේ ඉස්ලාමාබාද්හි සිටින සියලුම සරණාගතයින් සඳහා ඉතා දුෂ්කර කොන්දේසි නිර්මානය කර ඇත.

එවැනි සරණාගතයින් අත්අඩංගුවට ගැනීම් මෙන්ම වීසා දීර්ඝ කිරීම ද අත්හිටුවමින් තිබේ.

දැනට පකිස්තානයේ සිටින ඇෆ්ගන් සරණාගතයින් සඳහා වීසා බලපත්‍රයක් හෝ විදේශ ගමන් බලපත්‍ර අලුත් කිරීමක් සිදු නොකෙරෙන බව ද වාර්තා වේ.