පාකිස්තානයේ පන්ජාබ් පළාතේ මිලියන දෙකකට අධික ජනතාවක් හදිසියේ ඉවත් කර තිබෙනවා. ඒ, ජල ගැලීම් සහ ගංවතුර හේතුවෙන්. සින්ද් පළාතේ පමණක් තවත් එක් ලක්ෂ 50,000ක් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. පාකිස්තානයේ ජාතික ආපදා කළමනාකරණ ආයතනය පැවසුවේ ඉදිරි දිනවලදී එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි. ඉකුත් ජුනි මස අග සිට ඇදහැලෙන මෝසම් වැසි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 900කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා. අධික වර්ෂාවත් සමඟ ගංඟා පිටාර ගැලීම හේතුවෙන් පාකිස්තානයේ ගංවතුර තත්ත්වය තවත් උග්‍ර කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ හේතුවෙන් ගොවිපලවල් සහ නිවාස විශාල ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. 2022 දී ද පාකිස්තානයේ මාස ගණනක් පැවති අධික වර්ෂාවෙන් පුද්ගලයින් 1,700කට වැඩි පිරිසක් මිය ගියා. මිලියන 30කට වැඩි පිරිසකට බලපෑම් එල්ල වූ අතර එය ඉතිහාසයේ දරුණුතම ගංවතුර සිදුවීම්වලින් එකක් ලෙසටයි සැලකුණේ.